Latest News

ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපිරීමක් – පුද්ගලයින් 07ක් ජීවිතක්ෂයට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර්හි පොලිස් ස්ථානයක පිපිරීමකින් පුද්ගලයින් 07දෙනෙකු මියගොස් තවත් 27දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් ස්ථායේ ගබඩා කර තිබූ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (14) රාත්‍රියේ මෙලෙස පුපුරා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මියගිය පුද්ගලයින් අතරින් සිව්දෙනෙකු පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි විදෙස් ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර මෙම පිපිරිම සිදුවූ එම පොලිස් ස්ථානය මගින් ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්තවාදී සංවිධානය ප්‍රදේශයේ විවිධ ස්ථානවල පෝස්ටර් අලවා තිබීමේ සිද්ධිය ගැන විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ද සඳහන්.

මෙම පිපිරීමට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today