Latest News

චීනයේ වසර 1,500ක් පැරණි පන්සලක් ගිනිබත් වෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබේ.

මෙලෙස විනාශවී ඇත්තේ ෂැංජියාගෑං හි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික යොංකිං විහාරස්ථානයේ මණ්ඩපයක් බව සඳහන්.

පසුගිය බදාදා (12) පෙ.ව. 11.24ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, එහි දේවමාළිගයේ තෙමහල් ලී වෙන්චැං මණ්ඩපයෙන් ගින්න හටගෙන තිබේ.

ඉන් අනතුරුව මණ්ඩපයේ කොන්ක්‍රීට් රාමුව පමණක් ඉතිරිව සියල්ල විනාශ වී ඇත.

කෙසේ නමුත් මෙම සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර, චීන බලධාරීන් ගින්නට හේතුව විමර්ශනය කරමින් සිටී.

වසර 1500ක ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය 536 දී දකුණු ලියැං රාජවංශයේ ෆෙන්ගුවාං කන්දේ ඉදිකරන ලද්දකි.

යුවාන් රාජවංශයේ අවසානයේ ෂි නායියන්ගේ ආරාමය වූ වෙන්චැං මණ්ඩපය, චීන සාහිත්‍යයේ විශිෂ්ට කෘති හතරෙන් එකක් ලෙස සැලකෙන වෝටර් මාජින් රචනා කර ඇත්තේ මෙය සිට බව සඳහන්.

මෙම විහාරස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේලා 1958 වසරේ දී එවක බලධාරීන් නෙරපා හැර ඇති අතර, ඉන් අනතුරුව මෙහි වර්තමාන මණ්ඩපය 1993 දී ප්‍රතිසංස්කරණය කර තිබේ.

World News

Send your contact Details Today