Latest News

යුරෝපයේ අනවසර සංක්‍රමණිකයන්ගේ අර්බුදය ඉහළට

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපයේ දකුණු දෙසින් පිහිටි බටහිර බෝල්කන් මුහුදු මාර්ගය හරහා යුරෝපයට පලා යන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් අනවසර සංක්‍රමණිකයන් 22,300ක් එම මුහුදු මාර්ගය ඔස්සේ යුරෝපයට පැමිණ ඇති බවයි නව සංක්‍රමණික වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ.

එය පසුගිය වසරට වඩා තුන්ගුණයක ඉහළ යෑමක් බව ද වාර්තා වේ.

එම සංඛ්‍යාව අතරින් වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇත්තේ සුඩානය, නයිජීරියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයෙන් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බටහිර බෝල්කන් මුහුදු මාර්ගය යුරෝපයට සංක්‍රමණය වන පුද්ගලයන්ගේ ප්‍රධානතම ගමන් මාර්ගය බවට පත්වී ඇති බවත්, බොහෝ යුරෝපා රටවල් නව සංක්‍රමණිකයන්ගේ පැමිණීම හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බවත් වාර්තා වේ.

බෝල්කන් කලාපයේ රටවල් වන ඇල්බේනියාව, බොස්නියාව, කොසෝවෝ, මොන්ටින්ග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ සර්බියාව වැනි රටවල රාජ්‍ය නායකයන් සංක්‍රමණිකයන්ගේ පැමිණීම හේතුවෙන් ආරක්ෂාවට සහ ආර්ථිකයට එල්ල වන බලපෑම් සම්බන්ධව පසුගියදා ලන්ඩන් නුවරදී බ්‍රිතාන්‍ය හා යුරෝපා නිලධාරින් සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ.

World News

Send your contact Details Today