Latest News

IPL 2026 ක්‍රීඩක වෙන්දේසියට සියල්ල සූදානම්

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 IPL තරගාවලිය සඳහා 2026 වසරේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් 16 වන දින අබුඩාබිහිදී බව ඉන්දීය ක්‍රිකට් කොටස්හිදාම (BCCI) ඊයේ (13) නිවේදනය කළේය.

මෙය අඛණ්ඩව තෙවන වරටත් IPL වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටත පැවැත්වෙන අවස්ථාවකි.

පළමු වරට 2024 IPL වෙන්දේසිය ඩුබායිහිදී පැවැත්වූ අතර, 2025 වසර සඳහා වූ මෙගා වෙන්දේසිය සෞදි අරාබියේ ජෙඩ්ඩාහිදී සිදුවිය.

මෙම වසරේ වෙන්දේසිය මිනි වෙන්දේසියක් ලෙස පැවැත්වෙන අතර, කණ්ඩායම්වලට ඔවුන්ගේ සංචිත තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථාවක් ලැබේ.

වෙන්දේසියට දින නියම වීමත් සමග, එක් එක් IPL කණ්ඩායම්වලට නොවැම්බර් 15 වන දින ඉන්දීය වේලාවෙන් පස්වරු 3ට පෙර ඔවුන්ගේ සංචිතවලින් නිදහස් කරන සහ රඳවා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ලැයිස්තු ප්‍රකාශයට පත් කළ යුතුය.

ඉන් පසුව, BCCI විසින් වෙන්දේසිය සඳහා අවසන් ක්‍රීඩක ලැයිස්තුව සකස් කරනු ඇත.

මෙම වෙන්දේසියෙන් පසුව, IPL 2026 තරගාවලිය මාර්තු 15 සිට මැයි 31 දක්වා පැවැත්වීමට මූලික සැලසුම් සකස් කර ඇති බවද වාර්තා වේ.

World News

Send your contact Details Today