Latest News

නවසීලන්තයෙන් නව Visa බලපත්‍ර වර්ග දෙකක් හඳුන්වා දෙයි

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවසීලන්තය විසින් නව වීසා බලපත්‍ර දෙකක් දෙසැම්බර් 8වන දින සිට නිකුත් කරන බව වාර්තා වේ.

මෙමගින් සේවායෝජකයින්ට Seasonal workers බඳවා ගැනීම පහසු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම නව වීසා Global Workforce Seasonal Visa (GWSV) සහ Peak Seasonal Visa (PSV) ලෙසයි හඳුන්වා දී ඇත්තේ.

මෙමගින් Seasonal services අවශ්‍යතා සපුරාලීමත් අනිසි භාවිතය වැළැක්වීමටත් උපකාරී වේ.

Global Workforce Seasonal Visa (GWSV) වසර තුනක් වලංගු වන අතර Peak Seasonal Visa (PSV) උපරිම මාස 7ක් සඳහා වලංගු වේ.

Global Workforce Seasonal Visa සදහන් සේවකයින්ට Seasonal services සඳහා අවස්තාවන් ලැබෙන බවයි සඳහන් වන්නේ.

එසේම GWSV සඳහා ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවද සඳහන් වේ.

උපරිම මාස 7ක් සඳහා වලංගු වන Peak Seasonal Visa මගින් Short-term services සඳහා අවස්තාවන් ලැබෙන අතර ඒ සඳහා Labor market survey සඳහා ඉදිරිපත් විය යුතු බවයි සඳහන් වන්නේ.

එසේම එම සේවකයින්ට අදාළ පළපුරුද්ද සහ රැකියා ගිවිසුමද අවශ්‍ය වේ.

මාස 3කට වඩා වැඩි PSV සේවාවන් සඳහා සෞඛ්‍ය රක්ෂණය අනිවාර්ය වීමද විශේෂත්වයක්.

මේ අතර මෙම වීසා සඳහා සම්පූර්ණ අයදුම්පත් සමඟ පොලිස් සහතිකය සහ වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය වෙයි.

එළබෙන දෙසැම්බර් 8 වනදා සිට මේ සඳහා ඉල්ලුම් කිරීමට හැකි අතර වැඩි විස්තර www.immigration.govt.nz මගින් ලබා ගත හැකියි.

නව වීසා පද්ධතිය සේවායෝජකයින්ට සහ සේවකයින් යන දෙපාර්ශවයටම පහසුවක් ලැබෙන බවයි විශ්වාස ක‍රන්නේ.

World News

Send your contact Details Today