Latest News

මෙල්බන් නුවර සංගීත ලෝක වාර්තාවක්

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රය පසුගියදා අපූරු ලෝක වාර්තාවකට සත්කාරකත්වය සපයනු ලැබිය.

ඊට ලොව විශාලතම බැග්පයිප් (Bagpipe) වාදක කණ්ඩායම එක්ව සිටීම විශේෂත්වයක් විය.

සුප්‍රකට AC/DC සංගීත කණ්ඩායම සිය ‘පවර් අප්’ (Power Up) සංගීත සංචාරයේ ඕස්ට්‍රේලියානු අදියර ආරම්භ කිරීමට සමගාමීව මෙම සුවිශේෂී අවස්ථාව සංවිධානය කර තිබුණේ ඔවුන්ගේ හිටපු ගායක බොන් ස්කොට් හට උපහාර පිණිසයි.

මෙම අවස්ථාවට බැග්පයිප් වාදකයන් 374 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් එක්ව සිටි අතර, ඔවුන් සාමූහිකව AC/DC කණ්ඩායමේ අතිශය ජනප්‍රිය ගීතයක් වන “It’s A Long Way To The Top (If You Wanna Rock ‘n’ Roll)” වාදනය කරමින් ප්‍රේක්ෂකයන් මවිතයට පත් කළහ.

මීට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 2012 වසරේදී බල්ගේරියාවේ සෝෆියා නුවර ජාතික සංස්කෘතික මාලිගයේදී රැස්වූ වාදකයන් 333 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වන අතර, මෙල්බර්න්හිදී එම වාර්තාව අභිබවා යාමට මෙම නව කණ්ඩායම සමත් විය.

මෙම වාර්තාගත අවස්ථාව නිල වශයෙන් පිළිගැනීම සඳහා මෙල්බර්න් නගරාධිපති නිකලස් රීස් මහතා ද සහභාගී වී සිටි අතර, එහිදී ඔහු විසින් ‘Australian Book of Records’ සහතිකය පිළිගනු ලැබීය. මෙම වාර්තා තැබීමේ උත්සවයට පෙරාතුව නගරාධිපතිවරයා විසින් නගරයේ ප්‍රසිද්ධ AC/DC මාවතට (AC/DC Lane) ඇතුළු වන ස්ථානයේ ස්ථාපිත කරන ලද නව ආලෝකකරණ පද්ධතියක් විවෘත කිරීමේ අවස්ථාවට ද සහභාගී වූ බව වාර්තා වේ.

World News

Send your contact Details Today