ඉතාලිය විසින් බාලවයස්කරුවන්ට අසභ්‍යදර්ශන සහිත වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීම සීමා කිරීමට පටන් ගෙන තිබේ.
ඒ අනුව වැඩිහිටි වේදිකා සඳහා පරිශීලකයින්ගේ වයස පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.
සන්නිවේදන අධිකාරිය Agcom නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ, මේ මොහොතේ, නව වයස් සත්‍යාපන ක්‍රියා පටිපාටිය ඉතාලිය පදනම් කරගත් අඩවි සඳහා පමණක් අදාළ වන බවත්, විදේශයන්හි පදනම් කරගත් ඒවා 2026 පෙබරවාරි 1 වන දින දක්වා ක්‍රියාත්මක වන බවයි.
අදාළ ක්‍රියා පටිපාටිය ‘ද්විත්ව නිර්නාමික’ ( ‘double anonymity’ criteria)නිර්ණායකයක් හරහා ක්‍රියාත්මක වන අතර, එම වයස යටතේ පරිශීලකයෙකු වයස අවුරුදු 18 හෝ ඊට වැඩි බව වෙනත් පුද්ගලික දත්ත හෝ හැඳුනුම්පත් හෝ ඡායාරූප ලබා නොදී පරිශීලකයාගේ වයස පිළිබඳ දත්ත දැනටමත් ඇති ‘තෙවන පාර්ශවයක්’ හරහා සත්‍යාපනය කරනු ලැබේ.