Latest News

පාකිස්තාන සංචාරයේදී ඇතිවූ සිදුවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඉස්ලාමාබාද්හි සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ගත් තීරණය සමගයි මෙම අර්බුදය හටගත්තේ.

ඒ අනුව නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ආරක්ෂක ගැටලු මත යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීමක් කළ බව කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් තමන් ෙදැනුවත් කළ බවයි.

මෙම තත්ත්වයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සියලුම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරීත්වයට උපදෙස් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකු හෝ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවට ආපසු ඒමට තීරණය කළහොත්, තරගාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ආදේශක ක්‍රීඩකයන් යොමු කරන බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආපසු පැමිණියහොත්, ඔවුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ පකිස්තානය සමග පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට සිම්බාබ්වේ කණ්ඩායම පකිස්තානයට පැමිණ තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා – පකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සහ ශ්‍රී ලංකා, පකිස්තාන සහ සිම්බාබ්වේ තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ කාල සටහන සංශෝධනය කර තිබේ.

ඒ අනුව අද (13) පැවැත්වීමට තිබූ එක්දින තරගය හෙට රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

World News

Send your contact Details Today