Latest News

දඹුල්ල තන්ඩර්ස් හිමිකරුට අධි චෝදනා

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන තමීම් රහමන් නමැත්තාට අද (12) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබෙනවා

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා විත්තිකරුට භාරදීම සිදුවිය.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 02ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින්න ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකරු පසුව ඇප මත මුදා හැරුණු බව කියා සිටියේය.

මෙම විත්තිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයකු බවත්, මෙම නඩුකරය හේතුවෙන් විත්තිකරුට වසර එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින අතර, මේ හේතුවෙන් ඔහුගේ පෞද්ගලික පවුලේ කටයුතු මෙන්ම ව්‍යපාරික කටයුතුත් අඩාල වී තිබෙන බවත්, ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ඒ අනුව මෙම විත්තිකරු මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් බවත්, ඒ පිළිබඳව තමන් නීතිපතිවරයා වෙත වාචිකව හා ලිඛිතව කරුණු සැලකිරීම් සිදු කර තිබෙන බවත්, ජනාධිපති නීතිඥවරයක් පැවසුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ, විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඉන් අනතුරුව නඩුව දෙසැම්බර් මස 08 වැනිදා කැඳවීමටද නියම විය.

World News

Send your contact Details Today