Latest News

සමලිංගිකත්වයට අදාළ Apps දෙකක් App Store වෙතින් ඉවත් කරයි

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ වඩාත් ජනප්‍රිය සමලිංගික ආල යෙදුම් (Apps) දෙකක් වන බ්ලූඩ් (Blued) සහ ෆින්කා (Finka) රටේ ඇති තම යෙදුම් ගබඩාවෙන් (app store) ඉවත් ගත් ඇති බව ඇපල් සමාගම පවසයි.

ඒ බලධාරීන්ගේ නියෝගයකට අනුවයි.

චීනයේ Cyberspace Administration හි නියෝගයක් මත පදනම්ව මෙම යෙදුම් දෙක චීනයෙන් පමණක් ඉවත් කර ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

මෙම පියවර එරට සමලිංගික ප්‍රජාව අතර කනස්සල්ලක් ඇති කර තිබේ.

බ්ලූඩ් යනු චීනයේ බහුලව භාවිත වන සමලිංගික ආල යෙදුම් වලින් එකක් වන අතර, එහි බාගත කිරීම් මිලියන ගණනක් පවතියි.

ඇපල් සමාගම විසින් විසින් රටේ දැඩි අන්තර්ජාල නීතිවලට අනුකූලව චීනයේ වෙනම යෙදුම් ගබඩාවක් (app store) පවත්වාගෙන යන අතර, Instagram සහ WhatsApp වැනි ජනප්‍රිය යෙදුම් චීනයේ භාවිත නොවේ.

World News

Send your contact Details Today