Latest News

සුපිරි නළු ගෝවින්දා, හදිසියේම රෝහල්ගත කරයි

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනප්‍රිය බෝලිවුඩ් නළු ගෝවින්දා නිවසේදී සිහිසුන්ව ඇද වැටීමෙන් පසු රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

ඔහු ඊයේ (11) රාත්‍රියේ මෙලෙස රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

61 හැවිරිදි මෙම නළුවා ඊයේ රාත්‍රියේ නිවසේදී සිහිසුන්ව ඇද වැටුණු බව ඔහුගේ මිතුරෙකු සහ නීති උපදේශකයෙකු වන ලලිත් බින්ඩාල් ඉන්දීය වෙත පවසා තිබේ.

රෝහල් ගතකළ ගෝවින්දා පරීක්ෂණ කිහිපයකට භාජනය කර ඇති බවයි වැඩිදුරටත් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය පිළිබඳව තවමත් නිල වශයෙන් තොරතුරක් ප්‍රසිද්ධියට පත්කර නොමැත.

World News

Send your contact Details Today