Latest News

දිල්ලියට බෝම්බ ගැසූ අයට ඉන්දීය අගමැති කරන්න යන දේ මෙන්න

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ නවදිල්ලි නුවරට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු කිසිවෙකු අත්නොහරින බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

පිපිරීමෙන් පසු පළමු වරට අදහස් දක්වමින් මෝදි පැවසුවේ ප්‍රහාරයට සම්බන්ධ වූවන් සොයා විමර්ශන ආයතන මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඔවුන් මෙම කුමන්ත්‍රණයේ සුලමුල සොයාගනු ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

නවදිල්ලි ප්‍රහාරයේ පරික්ෂණ ඉන්දියාවේ ෆෙඩරල් විමර්ශන ආයතනයට භාරදී තිබේ.

එහෙත් ඊට විශේෂ හේතුවක් ප්‍රකාශයට පත්කර නොමැත.

ඉකුත් සඳුදා සිදුවූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

ප්‍රහාරය සිදු වූයේ ඉන්දීය අගනුවර ජනප්‍රියතම ඓතිහාසික ස්ථානවලින් එකක් වන රතු බලකොටුව අසළයි.

ප්‍රහාරය එල්ල කළේ ජම්මු-කාශ්මීර වැසියෙකු වන 37 හැවිරිදි වෛද්‍යවරයෙකු බවයි පැවසෙන්නේ.

මේ අතර පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරද ඊයේ බෝම්බයක් පුපුරා ගිය අතර ඉන් මියගිය සංඛ්‍යාව 12ක්.

World News

Send your contact Details Today