Latest News

2028 ඔලිම්පික් උළෙල ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන්ට තහනම් කිරීමට යයි

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2028 ඔලිම්පික් උළෙල සියලුම ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන්ට තහනම් කිරීමට ඔලිම්පික් සංවිධායකයින් සූදානම්වන බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව නව සභාපති කිර්ස්ටි කොවෙන්ට්‍රි යටතේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, 2028 ලොස් ඇන්ජලීස් ක්‍රීඩා උළෙල සඳහා සියලුම ක්‍රීඩා හරහා සම්පූර්ණ තහනමක් පැනවිය හැකි ආකාරයට ප්‍රතිපත්ති වෙනසක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම තීරණය ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට සූදානම් වීමේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වන අපහසු ගැටුම් වළක්වා ගැනීමට ද උපකාරී වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපතිවරයා සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්, කාන්තා ඉසව්වන්ට තරඟ කිරීම වැළැක්වීම සඳහා විධායක නියෝගයකට අත්සන් තබනු ලැබුවේය.

මේ අතර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දී ද ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වක් මතුවිය.

World News

Send your contact Details Today