දකුණු කොරියානු මත්ස්‍ය ගොවිපළක ජල ටැංකියක් තුළ කම්කරුවන් තිදෙනෙකු මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගත් මියගිය තිදෙනා අතර ශ්‍රී ලාංකික කම්කරුවන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
දකුණු ජියොංසැං හි ගෝසොං ප්‍රාන්තයේ ගොඩබිම පදනම් කරගත් මත්ස්‍ය ගොවිපළක ජල ටැංකියක් තුළ තිබී මෙම සිරුරු සොයාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඊයේ (09) රාත්‍රියේ මෙලෙස සොයාගෙන ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුගේ සහ 20 සහ 30 යන වයස්වල පසුවන ශ්‍රී ලාංකිකන් දෙදෙනෙකුගේ සිරුරුයි.
ශ්‍රී ලාංකික කම්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වැඩ ඇඳුම් ලෙස පෙනෙන දෙයක් ඇඳ සිටි බව වාර්තා වන අතර, අනෙක් දෙදෙනා සාමාන්‍ය ඇඳුම් වලින් සැරසී සිටින බවයි නිරීක්ෂණය වී ඇත්තේ.
මරණයට නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා විමර්ශනයේ කොටසක් ලෙස මරණ පරීක්ෂණයක් පවත්වනු ලබන බවයිකොරියානු බලධාරීන් සඳහන් කළේ.
තිදෙනා වැටී සිටි මෙම ජල ටැංකිය, කුඩා මසුන් බෝ කරන ගොවිපළට ජලය සැපයීම සඳහා වූ ගබඩා ජලාශයක් ලෙස භාවිත කර තිබෙනවා.
බෝ කිරීමේ ටැංකි වෙත පොම්ප කිරීමට පෙර ජලය විදුලි උපකරණ භාවිතයෙන් රත් කිරීම හෝ සිසිල් කිරීම සිදු කෙරෙන බව සඳහන්.