Latest News

රුසියා – යුක්‍රේන යුධ උණුසුම අතරේ දෙරටම අඳුරේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව සහ යුක්‍රේනය අතර වන බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගත් අඛණ්ඩ යුද්ධය හේතුවෙන් ගෙවුණු දින දෙක තුන තුළ දෙරටේම ඇතැම් කලාප අඳුරේ පැවතුණු බව විදෙස් වාර්තා පවසයි.

රුසියානු මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ මිලියන ගණනකට විදුලිය සහ උණුසුම අහිමි වී ඇති අතර දෙරටට ම ශීත කාලය ඔන්න මෙන්න තිබීම නිසා මෙමගින් ඇතිවූ අසීරු තත්වය වඩාත් බැරෑරුම් වී තිබේ.

දෙපාර්ශ්වය අතර මෙම ප්‍රහාරය එල්ල කරගැනීම සිදුවන්නේ දෙරටේම උෂ්ණත්වය සෙල්සියස් තනි-අංක අගයන් දක්වා පහත වැටීමට පටන් ගෙන තිබියදීයි.

යුක්‍රේන බලධාරීන් පවසන්නේ ජාලය ස්ථාවර කිරීමට බලශක්ති සලාක ක්‍රමය සහ විදුලි කප්පාදු ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි.

යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි මිසයිලවලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා පැට්‍රියොට් ගුවන් ආරක්ෂක පද්ධති වැඩි ප්‍රමාණයක් මිත්‍ර පාක්ෂික රටවලින් ඉල්ලා සිටියි.

දෙරටේම ප්‍රහාරයන් අඛණ්ඩව සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරන බව පෙනී යන බවයි යුද විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ.

මේ අතර, ඊට ප්‍රතිචාර වශයෙන්, යුක්‍රේනයද රුසියාවේ දේශසීමා ආසන්නයේ ඇති ප්‍රධාන නගරවල විදුලි සහ උණුසුම්කරණ පද්ධතිවලට ප්‍රහාර එල්ල කර තිබේ.

යුක්‍රේන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ නිවාස 20,000කට පමණ විදුලිය අහිමි වී තිබෙන බව වාර්තා වේ.

ප්‍රධාන රුසියානු නගරයක් වන වොරොනෙෂ් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලික විදුලි බිඳවැටීම් සහ දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම්කරණ විසන්ධි වී තිබුණේය.

එමෙන්ම බෙල්ගොරොඩ් ගෙවුණු සෙනසුරාදා රාත්‍රියේ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් නගරයේ බලශක්ති හා උණුසුම්කරණ පද්ධතිවලට බරපතල හානි සිදු වී තිබේ.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි යුද්ධය අවසන් කිරීම සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් අඩාල වී ඇති බවයි පෙනී යන්නේ.

තවදුරටත් රුසියාවේ මොස්කව් සහ යුක්‍රේනයේ කියෙව් එකිනෙකාගේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සිටියි.

යුක්‍රේන නිලධාරීන් රුසියාවේ ක්‍රියාමාර්ගය විස්තර කරන්නේ ශීත ඍතුව ආයුධයක් ලෙස භාවිතා කිරීමට දරන උත්සාහයක් ලෙසයි.

යුක්රේනය ද රුසියානු පිරිපහදු සහ බලශක්ති පහසුකම් ඉලක්ක කරන්නේ යුද ප්‍රයත්නය සඳහා අරමුදල් සපයන මොස්කව්හි තෙල් ආදායම අඩු කිරීමේ අරමුණින් බව සඳහන්.

යුක්රේන බලශක්ති අමාත්‍ය ස්විට්ලානා ග්‍රින්චුක් ප්‍රකාශ කළේ සෙනසුරාදා දින එල්ල වූ ප්‍රහාරය රුසියාව සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට බලශක්ති පහසුකම් වලට එල්ල වූ විශාලතම සෘජු බැලැස්ටික් ප්‍රහාරවලින් එකක් බවයි.

යුක්‍රේනයේ අගනුවර වන කීව්හි වැසියන්ට ඉරිදා දින පැය 10-12ක් විදුලිය නොමැතිව සිටීමට සිදුවන බව සඳහන්.

කියෙව් අතිරේක පැට්‍රියොට් ගුවන් ආරක්ෂක පද්ධති මිලදී ගැනීම සඳහා අමෙරිකාව සමඟ කටයුතු කරන බව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම පද්ධති රුසියානු මිසයිල බාධා කිරීමට හැකියාව ඇති බව ඔප්පු වී තිබෙන බවයි ඔහු පවසන්නේ.

World News

Send your contact Details Today