Latest News

2026 ICC T20 තරගවලට ලංකාවේ ක්‍රීඩාංගන 03ක් තෝරා ගනියි

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාන තුනක් නිල වශයෙන් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

අයිසීසී විධායක කමිටුව විසින් අනුමත කර ඇති මෙම ස්ථාන ත්‍රිත්වය වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ම SSC ක්‍රීඩාංගණය සඳහා රාත්‍රී තරග පැවැත්විය හැකි පරිදි නව විදුලි පහන් පද්ධතියක් සවිකිරීමට කටයුතු යොදා ඇති බව ද වාර්තා වේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති කරගත් එකඟතාව අනුව, පාකිස්තානයට අදාළ සියලුම මූලික තරග පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී පමණයි.

අවසන් මහා තරගය සඳහා පාකිස්තානය සුදුසුකම් ලැබුවහොත්, එම අවසන් තරගය ද පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

අවසන් මහා තරගයට වෙනත් රටවල් දෙකක් සුදුසුකම් ලැබුවහොත්, එම තරගය ඉන්දියාවේ අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

මෙම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය 2026 පෙබරවාරි 7 වැනිදා ආරම්භ වී මාර්තු 8 වැනිදා අවසන් වීමට නියමිතයි.

තරගාවලියට කණ්ඩායම් 20ක් සහභාගී වන අතර, තරග 55ක් පැවැත්වේ.

World News

Send your contact Details Today