අධික කොලෙස්ටරෝල් මට්ටම් සහිත රෝගීන් සඳහා නව බලාපොරොත්තුවක් ලැබී තිබේ.
පර්යේෂණාත්මක ඖෂධයක් මගින් අවදානම් කොලෙස්ටරෝල් මට්ටම් අඩු කළහැකි බවයි නව පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ.
3 වන අදියරේ අත්හදා බැලීමේ දත්ත මගින් සොයාගෙන ඇත්තේ ස්ටැටින් වැනි සාමාන්‍ය කොලෙස්ටරෝල්-අඩු කරන ඖෂධ සමඟ එන්ලයිසයිඩ් (Enlicitide) නැමති පර්යේෂණාත්මක ඖෂධය ලබා ගත් පුද්ගලයින් සති 24 ක දෛනික ප්‍රතිකාරයෙන් පසු ඔවුන්ගේ LDL හෝ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය 60% ක් දක්වා අඩු වී ඇති බවයි.
මෙම පර්යේෂණයේ දී රටවල් 14 ක අවුරුදු දෙකකට ආසන්න කාලයක් රෝගීව සිටින වැඩිහිටියන් 2912 දෙනෙකුට statin සමඟ Enlicitide ලබා දීමෙන් පසු සාර්ථක ප්‍රතිඵල ලැබුණු බවයි පර්යේෂකයින් පවසන්නේ.
සති 52 ක් පුරා මෙම අඩුවීමේ මට්ටම් පවත්වා ගත හැකි බව ද ඔවුන් සොයාගෙන තිබේ.
ඩියුක් විශ්ව විද්‍යාලයේ හෘද රෝග විශේෂඥ සහ මහාචාර්ය වෛද්‍ය ක්‍රිස්ටින් නිව්බි පෙන්වා දෙන්නේ, ස්ටැටින්වලට වෙනස් යාන්ත්‍රණයකින් ක්‍රියා කරන එන්ලිසිටයිඩ් එකතු කිරීමෙන් LDL කොලෙස්ටරෝල් තවදුරටත් අඩු කළ හැකි බවයි.
පර්යේෂණය සිදුකළ මර්ක් ඖෂධ සමාගම සඳහන් කර ඇත්තේ ලබන වසර මුලදී එන්ලිසිටයිඩ් ඖෂධය එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
හෘද රෝග, ස්ට්‍රෝක්, සහ අධික ලිපිඩ මට්ටම් ඇති රෝගීන් සඳහා මෙය අතිරේක ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකි බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.