Latest News

ලෝකයේ ලොකුම මකුළු දැළ හමුවෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විද්‍යාඥයින් කණ්ඩායමක් මඟින් ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ පොළව අභ්‍යන්තරයේ අඳුරු ගුහාවකින් ලොව විශාලතම මකුළු දැල සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව වර්ග අඩි 1,140ක් පුරා පැතිර ඇති මෙහි මකුළු ජීවීන් 110,000කට වැඩි ප්‍රමාණයක් සිටින බව දැක්වේ.

එසේම මෙම ගුහාවට සූර්යාලෝකය සැලකිය යුතු ආකාරයට නොලැබෙන අතර, ඒ නිසා විෂ සහිත හයිඩ්‍රජන්-සල්ෆර් වායුව ඉහළ මට්ටමක පවතින බවත් විද්‍යාඥයන් සඳහන් කරයි.

එවැනි පසුබිමක මෙසේ විශාල මකුළු දැලක් නිර්මාණය කර ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔවුන් පර්යේෂණයක් අරම්භ කර තිබෙනවා.

එමෙන්ම මෙම මකුළු දැල ගුහාවේ දොරටුවේ සිට ආසන්න ලෙස මීටර් 50කට වඩා දුරින් පිහිටා ඇති බව වාර්තා වේ.

මෙහි ඇති විශේෂත්වය නම් මකුළු විශේෂ දෙකක් මෙහි වාසය කිරීම බවද සඳහන්.

World News

Send your contact Details Today