Latest News

Grand Theft Auto VI වීඩියෝ ක්‍රීඩාවේ රසිකයින්ට පණිවිඩයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පුරා රසිකයින් බලා සිටි Grand Theft Auto VI වීඩියෝ ක්‍රීඩාව නිකුත් කිරීම නැවතත් ප්‍රමාද වී තිබේ.

ඒ අනුව 2025 මැයි මාසයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද එය 2026 නොවැම්බර් 19 වෙනිදා දක්වා කල්දැමූ බවයි Rockstar Games නිවේදනය කරන්නේ.

ලැබෙන අමතර කාලය ක්‍රීඩාවේ ගුණාත්මකභාවය තවත් වැඩිදියුණු කිරීමට භාවිත කරන බව සමාගම වැඩිදුරටත් පවසයි.

GTA VI පිළිබඳව 2023 දෙසැම්බර් මාසයේදී නිල නිවේදනයක් පළ වූ අතර, එය ලෝකයේ වැඩිම පිරිසක් බලාපොරොත්තු වූ වීඩියෝ ක්‍රීඩාවක් ලෙසයි සැලකෙන්නේ.

එසේම GTA VI පූර්ව ප්‍රචාරක පට දෙක මේ වනවිට YouTube හි මිලියන 400 කට වැඩි නැරඹුම් ලබාගෙන තිබේ.

මීට පෙර නිකුත් වූ GTA V ක්‍රීඩාව 2013 දී නිකුත් වී දින තුනකින් ඩොලර් බිලියන 1 කට වැඩි ආදායමක් උපයා ගනිමින් වාර්තා බිඳ දමා තිබේ.

මේ අතර නිකුත් කරන දිනය ප්‍රමාද වීමෙන් පසුව Rockstar හි මව් සමාගම වන Take-Two Interactive හි කොටස් මිල 18% දක්වා පහළ වැටී තිබෙනවා.

කෙසේ වෙතත් පසුව වෙළඳපොළ යළි ස්ථාවර වී තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today