Latest News

රයිනා සහ ධවාන්ගේ වත්කම් රාජසන්තක කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන සුරේෂ් රයිනා සහ ශිකර් ධවාන්ගේ රුපියල් කෝටි 11.14ක වත්කම් රාජසන්තක කර තිබේ.

ඒ ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් මුදල් වංචා සම්බන්ධයෙන් සොයාබලන එරට විශේෂ ඒකකයක් (Enforcement Directorate) විසින් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ විමර්ශනයට අනුව රයිනාගේ නමින් ඇති ඉන්දීය රුපියල් කෝටි 6.64 ක් පමණ වටිනා අන්‍යෝන්‍ය අරමුදල් ආයෝජන මෙන්ම ධවාන්ගේ නමින් ඇති රුපියල් කෝටි 4.5ක් වටිනා නිශ්චල දේපළක් මෙලෙස අත්පත් කරගෙ තිබේ.

රයිනා හා ධවාන්ට අමතරව මෙම චෝදනාව සම්බන්ධයෙන් යුව්රාජ් සිං හා රොබින් උතප්පා, එමෙන්ම ජනප්‍රිය නළු සෝනු සූඩ්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිමී චක්‍රබෝර්ති, බොලිවුඩ් නිළි උර්වෂි රවුටෙලා සහ බෙංගාලි නළු අංකුෂ් හස්රා යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today