Latest News

ඉතිහාසයේ පළමු වරට ඊලෝන් මස්ක්ට හිමි වුණ අලුත්ම අනුමැතිය මෙන්න

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ඊලෝන් මස්ක්ට හිමිවන, ඉතිහාසයේ වාර්තාගත ඩොලර් ට්‍රිලියනයක් දක්වා වටිනාකමක් සහිත දැවැන්ත වැටුප් පැකේජය සඳහා ටෙස්ලා කොටස් හිමියන්ගේ අනුමැතිය හිමිවී තිබේ.

අමෙරිකාවේ ඔස්ටින්හි පිහිටි ටෙස්ලා කම්හලේ පැවති කොටස් හිමියන්ගේ රැස්වීමේදී ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන විට “ඊලෝන්” යනුවෙන් සතුටු ඝෝෂා පැතිර ගිය බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

මෙම වැටුප් පැකේජය මස්ක් අවම වශයෙන් තවත් අවුරුදු හතහමාරක් ටෙස්ලා සමාගමේ රැඳී සිටීම සහතික කිරීම අරමුණු කරන අතර එමෙන්ම, සමාගම තුළ මස්ක්ගේ හිමිකාරිත්වය 12% සිට 25% ඉක්මවා වර්ධනය වීමට ඉඩ සලසයි.

මස්ක් ප්‍රකාශ කර ඇත්තේ, ස්වයංක්‍රීය රිය පැදවීම (Autonomous Driving) සහ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ දැක්ම යථාර්ථයක් බවට පත් වුවහොත්, ටෙස්ලා “ලෝකයේ වඩාත්ම වටිනා සමාගම” බවට පත්වන බවයි.

කෙසේ වෙතත්, ඔහුගේ බලපෑමට ප්‍රමාණවත් තරම් කොටස් හිමිකමක් නොලැබුණහොත් තමන් ටෙස්ලා වෙතින් ඉවත්විය හැකි බවට ඔහු ඉඟි පළ කර තිබුණි.

ටෙස්ලා සභාපති රොබින් ඩෙන්හෝම් (Robin Denholm) කොටස් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ මස්ක් රඳවා ගැනීම ටෙස්ලා හි අනාගතය සඳහා අත්‍යවශ්‍ය බවයි.

“තක්ඩවුන්” (Tesla Takedown) නම් ක්‍රියාකාරී කණ්ඩායමක් මෙම ඡන්ද ප්‍රතිඵලය දැඩි ලෙස විවේචනය කළේ පසුගිය කාර්තු කිහිපය තුළ සමාගමේ වාහන අලෙවිය පහත වැටීම පෙන්වා දෙමින්.

ඔවුන් කියා සිටියේ මෙය “අසාර්ථකත්වය වෙනුවෙන් ඊලෝන් මස්ක්ට ඩොලර් ට්‍රිලියනයක්” ලබා දීමක් බවයි.

World News

Send your contact Details Today