Latest News

“කල්මේගි” තවත් රටක් කළඹයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වියට්නාමයට බලපා ඇති කල්මේගි සුළි කුණාටුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වසරේ ලොව හටගත් ප්‍රබලතම සුළි කුණාටුව ලෙසයි කල්මේගි සුලිකුණාටුව සැලකෙන්නේ.

කල්මේගි සුළි කුණාටුව පසුගියදා පිලිපීනට ඇතුළු වූ අතර එහි බලපෑමෙන් එරට වැසියන් 114 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

තවත් 127 දෙනෙකු අතුරුදන් බවයි වාර්තා වූයේ.

ඒ සමගම පිලිපීනයට ආපදා තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණ.

පැයට කිලෝමීටර් 150ට ආසන්න ප්‍රබලත්වයෙන් යුතු මෙම සුළි කුණාටුවෙන් වියට්නාමයේ සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පසුගිය සතිය තුළදී වියට්නාමයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමග පුද්ගලයින් 50 කට ආසන්න සංඛ්‍යාවකට ජීවිත අහිමි විය.

කෙසේ වුව ද කල්මේගි සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවන්නට සහන කටයුතු සඳහා දෙලක්ෂ හැට දහසකට අධික එරට ආරක්ෂක අංශ සාමාජිකයින් යෙදවීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

මෝටර් රථ 6,700ක් හා ගුවන්යානා 06ක් ද ඊට ඇතුළත්.

World News

Send your contact Details Today