Latest News

ශ්‍රී ලංකාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වර්ෂය සඳහා වන අයවැය අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ජාතික ජන බලවේග ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙවැනි අයවැය මෙය වන අතර, මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 80 වැනි අයවැය මෙය වන අතර, අද පස්වරු 1.30 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2026 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති රජයේ වියදම රුපියල් බිලියන 4,434ක්.

මේ අතර අයවැය දෙවැනිවර කියවීමේ විවාදය හෙට (08) දිනයේ සිට ලබන 14 වන සිකුරාදා දක්වා දින 06ක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව 14 වනදා පස්වරු 6.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇති.

2026 වසර සඳහා වන අයවැයට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 වනදා දක්වාදින17ක් පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today