Latest News

Amazon සේවා යථා තත්ත්වයට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපදයේ බොහෝ පරිශීලකයින් සඳහා Amazon.com සේවා යථා තත්ත්වයට පත්ව ඇති බවට ඇණහිටීම් වාර්තා කරන වෙබ් අඩවියක් වන Downdetector.com ර්තා කර තිබේ.

ඇණහිටීමේ සිද්ධීන් 6,000කට අධික සංඛ්‍යාවක් Amazon සඳහා වාර්තා වී තිබූ බවයි Downdetector පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, එම සංඛ්‍යාව මේ වනවිට 1,000ට වඩා පහළට වැටී ඇති අතර, එය සේවාවන් බහුලව යථා තත්ත්වයට පත්ව ඇති බවට සඳහන් කරයි.

පරිශීලක වාර්තා එක්රැස් කරන Downdetector වෙබ් අඩවිය, ඇමසන් සමාගමේ cloud පරිගණක අංශය වන Amazon Web Services (AWS) සීමිත පරිශීලක සංඛ්‍යාවක් සඳහා ගැටලු අත්විඳ ඇති බවද සඳහන් කර තිබේ.

එමෙන්ම AWS ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ, AWS සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී AWS සේවා ඇණහිටීමකට මුහුණ දුන් අතර, එමගින් ලොව පුරා වෙබ් අඩවි දහස් ගණනක් අතර ගෝලීය වශයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති විය.

World News

Send your contact Details Today