පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් (“state of national calamity”) ජූනියර් අද (06) ප්‍රකාශයට පත් කර තිබේ.
පුද්ගලයන් 114 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් අතුරුදන් වීමත් සමගයි.
මෙය මෙම වසරේදී පිලිපීනයට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනයයි.
වාර්තාගත මරණ සංඛ්‍යාවට ප්‍රධාන හේතුව වී ඇත්තේ, හදිසි ගංවතුර තත්ත්වයන්ට හසුවීමයි.
දැනට පුද්ගලයන් 127 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ දැඩි ලෙස හානි වූ මධ්‍යම පළාතක් වන සෙබූ (Cebu) වලින් පෙරේදා වන විට පිලිපීන දූපත් සමූහයෙන් ඉවතට දකුණු චීන මුහුද දෙසට ගමන් කර තිබේ.
සිවිල් ආරක්ෂක කාර්යාලය පැවසුවේ, සුළි කුණාටුවෙන් මිලියන දෙකකට ආසන්න ජනතාවකට බලපෑම් එල්ල වී ඇති බවත්, ගම්වැසියන් 560,000කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවත් එමෙන්ම 450,000ක් පමණ පිරිසක් හදිසි රැකවරණ කඳවුරු වෙත යොමු කර තිබේ.
ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ, විපතට පත් වූ තත්ත්වය තක්සේරු කිරීම සඳහා ආපදා ප්‍රතිචාර නිලධාරීන් සමග පැවති හමුවකදීයි.
මෙමගින් රජයට හදිසි අරමුදල් කඩිනමින් නිකුත් කිරීමට, ආහාර තොග සඟවා තබා ගැනීම වැළැක්වීමට සහ අධික මිල ගණන් පාලනය කිරීමට හැකියාව ලැබේ.
සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ මරණ අතර, ගංවතුරෙන් බලපෑමට ලක්වූ පළාත්වලට මානුෂීය ආධාර සැපයීමට යමින් සිටි පිලිපීන ගුවන් හමුදා හෙලිකොප්ටරයක් දකුණු දිග අගුසාන් ඩෙල් (Agusan del Sur) පළාතේදී කඩා වැටීමෙන් හය දෙනෙක්ද මිය ගියහ.
නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ, පැසිෆික් සාගරය හරහා තවත් නිවර්තන සුළි කුණාටුවක් නිර්මාණය වෙමින් පවතින අතර, එය දරුණු වී ලබන සතියේ දී පිලිපීනයේ උතුරු ප්‍රදේශයට බලපෑම් සිදු කිරීමට ඉඩ ඇති බවයි.
සෙබූ පළාතේ ආණ්ඩුකාරවරිය පැවසුවේ, වසර ගණනාවක් තිස්සේ සිදුවූ ගල් කැණීම් හේතුවෙන් ගංගා අවහිර වී ඒවා පිටාර ගැලීම සහ ප්‍රමිතියෙන් තොර ගංවතුර පාලන ව්‍යාපෘති තත්ත්වය වඩාත් නරක අතට හැරීමට හේතු වන්නට ඇති බවයි.