Latest News

සර්බියාවේ පාපන්දු තරගයක් අතරතුර ඛේදවාචකයක්

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාපන්දු තරඟයක් අතරතුර හදිසි හෘදයාබාධයකින් කළමනාකරුවෙකු මිය යාමේ ඛේදනීය සිදුවීමක් සර්බියාවෙන් වාර්තා වේ.

මියගිය පුද්ගලයා වන ම්ලැඩන් සිසොවිච්ට වයස අවුරුදු 44 ක්.

ඔහු කළමනාකාරීත්වය දැරූ රැඩ්නිකි-1923 කණ්ඩායම මිලඩොස්ට් කණ්ඩායමට එරෙහිව ඉරිදා සවස පැවති තරඟයේ මිනිත්තු 22 දී සිසොවිච් ක්‍රීඩා පිටිය අසල ඇදවැටී තිබුණා. පසුව රෝහලට ගෙන ගිය පසු ඔහු මිය ගිය බව වාර්තා වී තිබේ.

සිසොවිච්ගේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු වන මෙහෙමඩ් කොසිච් හෙළිකළේ, හෘදයාබාධයට පැය කිහිපයකට පෙර සිසොවිච් තමන් දිවා ආහාරයට ගත් මාළු සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි.

ඔහු ඔක්තෝබර් 23 වන දින රැඩ්නිකි-1923 ක්‍රීඩා සමාජයේ කළමනාකරු ලෙස පත්වීමෙන් පසු ඔවුන් මෙහෙයවූ තුන්වන තරඟයට ඔහු සහභාගී වෙමින් සිටියේය.

කොසිච්ට අනුව, මෙම බොස්නියානු කළමනාකරු කණ්ඩායමේ දිවා ආහාරය අතරතුරදී තම මාළු ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කළ අතර, මාළු ගැන පැමිණිලි කළ බව පවසා තිබේ.

සිසොවිච්ගේ ඛේදජනක පුවත ගැන අදහස් දක්වමින් කොසිච් කියා සිටියේ, “ඔහු මට උපදෙස් දෙමින් සිටියා, හැරී ගියා, එක අවස්ථාවක මම දැක්කා ඔහු විනිසුරු සමඟ බංකු අසල කතා කරනවා. ඉන්පසු ඔහු අපේ බංකුව දෙසට ගොස්, අනෙක් අය දෙසට හැරී ‘මට ටිකක් අසනීපයි වගේ, මට අසනීපයි වගේ’ යැයි පැවසූ බව සඳහන්.

සිසොවිච්ගේ මරණය තහවුරු කිරීමෙන් පසු, ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට එම පුවත දැනගන්නට ලැබුණේය.

මුලින් අත්හිටුවා නැවත ආරම්භ කරන ලද තරඟය, පළමු අර්ධය අවසන් වීමට ආසන්නව සම්පූර්ණයෙන්ම අතහැර දැමීමටයි කටයුතු කර ඇත්තේ.

කොසිච් පැවසුවේ, ඔවුන් ජයග්‍රහණයක් සමඟින් ඔහුට ත්‍යාග පිරිනැමීමට බලාපොරොත්තු වූ නමුත්, “විනිසුරු හදිසියේම තරඟය නැවැත්තුවා. කවුරුහරි ‘ඔහු මිය ගියා’ කිව්වා. සියල්ල ක්ෂණයකින් නතර වුණා”.

සිද්ධියෙන් පසු ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය කඳුළු සලමින් සිටින වීඩියෝ දර්ශන සඳුදා සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය විය.

රැඩ්නිකි-1923 කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සහ කාර්ය මණ්ඩලයට ශෝකය පළ කිරීමට පුහුණුවීම්වලින් සතියක නිවාඩුවක් ලබා දී ඇති බව කොසිච් හෙළිකළා.

එමෙන්ම, ලබන සති අන්තයේ Cukaricki සමඟ පැවැත්වීමට නියමිත තරඟය කල්දමා තිබේ.

World News

Send your contact Details Today