Latest News

ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ප්‍රකට හිටපු පාපන්දු තරුවක් වන ඩේවිඩ් බෙකම්, තෙවන චාල්ස් රජු අතින් නිල වශයෙන් නයිට් පදවිය ලබා ගෙන තිබේ.

ඒ වින්ඩ්සර් මාලිගාවේදීයි.

දැන් ඔහු සර් ඩේවිඩ් ලෙස හැඳින්වෙන අතර ඔහුගේ බිරිඳ වික්ටෝරියා ආර්යාව ලෙසින් හැඳින්වේ.

බෙකම්ගේ දීර්ඝ කාලීන සිහිනයක් සඵලවීමක් ලෙසයි මෙය සැලකෙන්නේ.

මැන්චෙස්ටර් යුනයිටඩ් සහ රියල් මැඩ්රිඩ් මැදපෙළ හිටපු ක්‍රීඩකයෙක් වන 50 හැවිරිදි බෙකම්, ක්‍රීඩාවට සහ පුණ්‍ය කටයුතු සඳහා කළ සේවය වෙනුවෙන් මෙම ගෞරවය ලැබූ බව විදෙස් වාර්තාවල සඳහන්.

මෙම උත්සවයට ඔහුගේ බිරිඳ, සහ ඔහුගේ දෙමාපියන් වන ටෙඩ් සහ සැන්ඩ්‍රා සමඟින් සහභාගී විය.

චාල්ස් රජු වරක් ඇඳ සිටි ඇඳුමක් ඇසුරින් බෙකම්ගේ බිරිඳ විසින් නිර්මාණය කරන ලද අළු පැහැති ඇඳුමක් බෙකම් මෙම අවස්ථාවට ඇඳ සිටියේය.

බෙකම් පවසා ඇත්තේ “රජු මගේ ඇඳුම ගැන තරමක් පැහැදුණා” යනුවෙන්.

ඔහු තවදුරටත් කියා සිටියේ චාල්ස් රජු යනු තමා දන්නා අතිශයින්ම අලංකාර ලෙස සැරසී සිටින පුද්ගලයා වන අතර, ඔහුගේ ඇඳුම් පැළඳුම්, ඇසුරින් වසර ගණනාවක් පුරා තමාගේ ඇඳුම් සකසා ගත් බවයි.

උත්සවයෙන් පසු මාධ්‍ය අමතමින්, සර් ඩේවිඩ් බෙකම් මෙම මොහොත සංවේදී අවස්ථාවක් බව පැවසුවේය.

“මුලින්ම මේ ගැන දැනගත් විට මෙන්ම ඉන් පසුව මාස කිහිපයක්ම මම ඇඬුවා,” ඔහු පිළිගත්තා.

මෙම මොහොත ඔහුගේ පවුලට ‘ගොඩක් ලොකු වගේම ඉතා විශේෂ මොහොතක්’ බව ද බෙකම් කියා සිටියේය.

මේ වසරේ මුලදී රජුගේ උපන්දින ගෞරව ලැයිස්තුවේ නම් කරන ලද බෙකම්, මෙම පදවිය ලැබීම ඔහුගේ පාපන්දු ජීවිතය සහ ඔහුගේ පුණ්‍ය කටයුතු යන දෙකම සමරන ගමනක කූටප්‍රාප්තියක් බව පැවසුවේය.

World News

Send your contact Details Today