‘කල්මේගි’ (Kalmaegi) සුළි කුණාටුව පිලිපීනය හරහා ගමන් කිරීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජල ගැලීම් හේතුවෙන් සෙබු නගරය සම්පූර්ණයෙන් ජලයෙන් යටවීමත් සමගයි බොහෝ මරණ සිදුව ඇත්තේ.
සුළි කුණාටුවෙන් තවත් දහතුන් දෙනෙකු අතුරුදහන් වී තිබේ.
එමෙන්ම තවත් අර්ධ මිලියනයකට (500,000) ආසන්න පිරිසක් අවතැන් වී ඇති බවට වාර්තා වේ.
මරණයට පත් වූවන් අතර, ගලවා ගැනීමේ හෙලිකොප්ටරයක සිටි හමුදා නිලධාරීන් 6 දෙනෙකු ද මිය ගොස් තිබේ.