Latest News

චීනය, පියාඹන කාර් නිෂ්පාදනයට අත ගසයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදකයෙක් වන Xpeng සමාගම විසින් පියාසර කරනු ලබන මෝටර් රථ නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලා තුළ අත්හදා බැලීමේ නිෂ්පාදනයන් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පියාසර කිරීමේ හැකියාව පවතින මෙම මෝටර් රථ, ප්‍රවාහනය ක්ෂේත්‍රය තුළ වාණිජකරණයේ මීළග දැවැන්ත සන්ධිස්ථානයක් වීමට නියමිතයි.

මෙම පහසුකම සහිත මෝටර් රථ, වාර්ෂිකව ඒකක 10,000 ක නිෂ්පාදන ධාරිතාවයකින් යුක්තව නිෂ්පාදනය කිරීමට නියමිත අතර එහි ආරම්භක ධාරිතාව ඒකක 5,000 ක් බවයි පැවසෙන්නේ.

එමෙන්ම ලෝකයේ ප්‍රමුඛ වාහන නිෂ්පාදන සමාගම් කිහිපයක්ම මෙවැනි පියාසර කළ හැකි මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමුකර තිබේ.

World News

Send your contact Details Today