Latest News

රන් වැසිකිළියක් වෙන්දේසියේ – ඩොලර් මිලියන 10ක ආරම්භක ලන්සුවක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කලාකරු මොරිසියෝ කටෙලාන් කුප්‍රකට “ඇමරිකාව” නම් කැරට් 18 ඝන රන් වැසිකිළියේ දෙවන සංස්කරණයක් මෙම මස 18 වන දා වෙන්දේසි කිරීමට නියමිත බව CNN වාර්තා කර තිබේ.

රාත්තල් 220ක් බරැති මෙම නිර්මාණය 2019 වසරේදී එංගලන්තයේ දී සොරකම් කරන ලද අතර, මුල් නිර්මාණය සදහටම නැති වී ගොස් ඇතැයි විශ්වාස කෙරෙයි.

නමුත් එම වසරේම නිර්මාණය කරන ලද දෙවන සංස්කරණය, ලබන මස නොවැම්බර් 18 වැනිදා නිව් යෝර්ක්හි සොතබීස් වෙන්දේසි ආයතනය විසින් අලෙවි කිරීමට නියමිතයි.

සොතබීස් ආයතනය පවසන පරිදි, මෙම නිර්මාණය විකිණීම රන් බරට අනුව වටිනාකමක් ගනු ඇති.

ඒ අනුව ආරම්භක ලංසුව තීරණය වනුයේ එහි අන්තර්ගත රන් වටිනාකම අනුවයි.

මෑත කාලීන ඉහළ රන් මිල අනුව, වත්මන් වටිනාකම ඩොලර් මිලියන 10ක පරාසයක පවතිනු ඇතැයි අනුමාන කෙරෙයි.

විකිණීමට පෙර දින 10ක් සඳහා මෙම නිර්මාණය සොතබීස් මූලස්ථානයේ නාන කාමරයේ ප්‍රදර්ශනයට තැබීමට නියමිත වුවත්, ආරක්ෂක හේතූන් මත මෙවර නරඹන්නන්ට එය භාවිතා කිරීමට අවසර නොදෙනු ඇති.

මෙම නිර්මාණය 21 වන සියවසේ වැදගත් කලා කෘතියක් වන බව සඳහන්.

World News

Send your contact Details Today