ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගාවලියක් සහ විස්සයි-විස්ස (T20I) තුන්කොන් තරගාවලියකට සහභාගී වීම සඳහා ලබන නොවැම්බර් 8 වන දින පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එහිදී, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගාවලි දෙකකට මුහුණ දෙනු ඇති අතර, එක්දින (ODI) තරගාවලියක් සහ විස්සයි-විස්ස තුන්කොන් (T20I Tri-Series) තරගාවලියකින් මෙම සංචාරය සමන්විතයි.
මෙම විස්සයි-විස්ස තුන්කොන් තරගාවලියට සත්කාරක පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් තුන සහභාගී වීමට නියමිතයි.