Latest News

රතු දත්ත පොතේ ඇති වහු පැටියෙක් දෙහිවල සත්තු වත්තේ උපදී

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දෙහිවල සත්වෝද්‍යානයට ඊයේ (02) අලුත් සමාජිකයෙකු එක්ව තිබෙනවා.

ඒ වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින බවට රතු දත්ත පොතේ ඇතුළත් සත්වයෙකු වීම විශේෂත්වයක්.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ඇරබියන් ඔරෙක්ස් ගව පවුලට අලුත් පැටියෙකු එකතු වුණා.

4වන මුරය යටතේ මෙම පවුලට එක්වූ පිරිමි පැටවෙකු වන මෙම සත්වයා මේ වන විට මහජන ප්‍රදර්ශනයට යොමුකර තිබෙනවා.

මැදපෙරදිග අර්ධ කාන්තාරවල අතිතයේ බහුලව දක්නට ලැබුණු ඔරික්ස් ගවයා දඩයක්කරුවන්ට ගොදුරු වීමෙන් වදවීයේ යාමේ තර්ජනයට ලක්ව සිටිනවා.

නැමුණු කගපතක් වැනි දර්ශනීය අං ලබා ගැනීම සඳහා ද මේ සතුන් දඩයම් කරනවා.

දැනට මෙම සතුන් 200ක් පමණ දැකගත හැකිය හැකි අතර ඔවුන්ගේ මුල් නිජබිම්වල ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ නැවත ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක්ද අරඹා තිබෙනවා.

World News

Send your contact Details Today