කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවන් දැවැන්ත ත්‍යාග මුදලක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ, අනුව හර්මන්ප්‍රීත් කෞර් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 51ක මුදල් ත්‍යාගයක් ලබාදීමටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ.
සිය කුළුඳුල් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් සහ පුහුණු කාර්ය මණ්ඩලය අතර මෙම අති විශාල ත්‍යාග මුදල බෙදීයන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 4.48ක ත්‍යාග මුදලක් හිමි විය.
එම මුදල ඉන්දියානු රුපියල්වලින් කෝටි 39.78ක් වන අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලබාදෙන මුදල් ත්‍යාගය එම මුදලට වඩා වැඩි බව සඳහන්.