Latest News

🏏 ICC Women’s World Cup 2025: ඉන්දියානු කණ්ඩායම තම කුළුඳුල් T20 කුසලානය සියතට ගනියි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කාන්තා එක්දින ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ (02) රාත්‍රියේ හැකියව ලැබුණේය.

නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී ඉන්දියාව ශූරතාව දිනාගත්තේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 52කින් පරාජය කරමින්.

වර්ෂාව හේතුවෙන් පැය දෙකක පමණ ප්‍රමාදයකින් ආරම්භ වූ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමට කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකානු නායිකාව කටයුතු කළේය.

ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජයනය ගත ඉන්දීය පිතිකාරිනියන් පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී 298ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

අනතුරුව ඉන්දීය ක්‍රීඩිකාවන්ගෙන් හිමි වූ ලකුණු 299ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සියල්ල පන්දුවාර 45යි පන්දු 05ක් තුළ ලකුණු 246කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නියන්ට හැකියාව ලැබුණේය.

ඒ, අනුව දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම සිය කුළුඳුල් එක්දින ලෝක කුසලානය තමන් සතුකර ගත්තේය.

අවසන් මහා තරගයේ වීරවරිය ලෙස ෂෆාලි වර්මා සම්මාන හිමිකර ගත් අතර, මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ වීරවරිය ලෙස ඉන්දීය ක්‍රීඩිකා දීප්ති ෂර්මා තේරී පත් වුණේය.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දීය, කාන්තා සහ පිරිමි කණ්ඩායම් දිනාගත් පස්වන ක්‍රිකට් ලෝක කුසලානය මෙයයි.

World News

Send your contact Details Today