Latest News

සිසිලි දූපත ආසන්නයේ ගිලී ගිය සුඛෝපභෝගී යාත්‍රාවේ සිටි ලාංකිකයෙකුගේ දිවි බේරෙයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේ දී මුහුදේ ගිලී ගිය සුඛෝපභෝගී යාත්‍රාවේ සිටි 15 දෙනෙක් ආරක්ෂිතව මුදාගෙන ඇති අතර, ඒ පිරිස අතර ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ද සිටිනවා.

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22ක් රැගත් බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කරමින් පැවති බේෂන් නම් සුඛෝපභෝගී රුවල් නෞකාව ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේ ගිලී ගියේ ඊයේ (19) දිනයේදීයී.

පොර්තිචෙල්ලෝ වරායෙන් සැතපුම් අඩක දුරින් නවත්වා තිබූ මෙම යාත්‍රාව මෙලෙස ගිලී ගොස් තිබුණේ එම කලාපයට බලපෑ ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන්.

එහිදී අයෙක් මියගොස් 6 දෙනෙක් අතුරුදන් වූ අතර ඊට බ්‍රිතාන්‍ය ධන කුවේරයෙකු වන මයික් ලින්ච් ද අයත් වනවා.

බ්‍රිතාන්‍ය ධන කුවේරයෙකු වන මයික් ලින්ච්

World News

Send your contact Details Today