Latest News

අමෙරිකානු මහ බැංකුව පොලී අනුපාත අඩුකරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ෆෙඩරල් මහ බැංකුව (US Federal Reserve) සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඒකක 25කින් කපා හැරීමට තීරණය කර ඇති අතර, ප්‍රමාණාත්මක දැඩි කිරීම් (quantity tightening) නැවැත්වීමට ද එකඟ වී තිබේ.

මෙය සිදු කෙරුණේ උද්ධමනය තවමත් ඉහළ මට්ටමක පැවතියද, රැකියා වියුක්තිය පිළිබඳව සඳහන් කරමින්.

ෆෙඩරල් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “පවතින දර්ශකවලින් පෙනී යන්නේ ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යස්ථ වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

මෙම වසරේ රැකියා වර්ධනය මන්දගාමී වී ඇති අතර, අගෝස්තු මාසය දක්වා රැකියා වියුක්ති අනුපාතය ඉහළ ගොස් ඇතත්, එය අඩු මට්ටමක පවතී; මෑත කාලීන දර්ශක මෙම වර්ධනයන්ට අනුකූල වේ.

උද්ධමනය වසරේ මුල් භාගයේ සිට ඉහළ ගොස් ඇති අතර, එය තවමත් තරමක් ඉහළ මට්ටමක පවතී. කමිටුව සිය සමස්ත සුරැකුම්පත් හිමිකම් අඩු කිරීම දෙසැම්බර් 1 වනදා අවසන් කිරීමට තීරණය කළේය.” යනුවෙන්.

ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රමාණාත්මක ලිහිල්කරණය (quantity easing) හේතුවෙන් අමෙරිකාවේ වර්තමාන ආර්ථික ගැටලු මතු වූ බවට බොහෝ දෙනා විශ්වාස කරනු ලැබේ.

කෙසේ වෙතත්, අමෙරිකාවේ බහුල සංචිත ක්‍රමයෙන් ඇති වූ අධික ද්‍රවශීලතාවය (excess liquidity) හේතුවෙන් වාර්තාගත කොටස් මිල ගණන් මෙන්ම රන් මිල ද ඉහළ ගොස් තිබෙයි.

World News

Send your contact Details Today