කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුකම් ලැබීමට සත්කාරක ඉන්දීය කාන්තා කණ්ඩායමට ඊයේ (30) හැකියාව ලැබුණේය.
ඒ, මුම්බායි හි පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී වත්මන් ශූරියන්වන ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.
මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුනු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සිය ඉනිමට ලකුණු 338ක් රැස්කළ අතර, ලකුණු 339ක ජයග්රාහි ඉලක්කය පන්දුවාර 48යි පන්දු 03ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී පසුකර යමින් ඉන්දියාව මෙම තරගය ජයගත්හ.
මේ අතර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරාජය කර දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් මහා තරගයක් සඳහා සුදුකම් ලබා ගත්තේ පළමු වරටවීම විශේෂත්වයක්.
ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර 2005 සහ 2017 වසරවල දී අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා තිබුණේය.
වසර 52ක ඉතිහාසයක් ඇති කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පළමුවරට ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය නොමැතිව අවසන් මහා තරගයක් එළෙඹෙන 05 වනදා පැවැත්වේ.
මේ අතර ඕස්ට්‍රේලියානු නායිකා ඇලිසා හීලි තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ මෙවර ලෝක කුසලාන තරගාවලිය තමන්ගේ අවසන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බවයි.