Latest News

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන IMF විසින් සුබ පණිවිඩයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1%ක් දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයායි මේ බව සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයේ ප්‍රගතියක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින් මහතා පවසා තිබේ.

මාධ්‍ය හමුවේ ඔහු තවදුරටත් පවසා ඇත්ත පසුගිය වසරේ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 05% ක් වූ බවයි.

මෙම වසරේ පළමු භාගයේ දී එය 4.8%ක් බවත් ඔහු පවසා තිබෙයි.

ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය 3.1%ක් වන අතර 2025 වසරේ දී එය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් වර්ධනයක් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

World News

Send your contact Details Today