Latest News

ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවිය පිරිනමයි (PHOTOS)

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක් (Knighthood) පිරිනමා තිබේ.

අවුරුදු 22කට වැඩි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියක් තුළ ටෙස්ට් තරග 188කදී කඩුලු 704ක් දවාගත් 43 හැවිරිදි මෙම වේග පන්දු යවන්නාට, වින්ඩ්සර් මාලිගයේදී රෝයල් කුමරිය (Princess Royal) අතින් මෙම ගෞරව සම්මානය පිරිනමා තිබීම විශේෂත්වයක්.

ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු දැක්වූ සේවය අගය කරමින්, හිටපු අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ resignation honours list තුළ ඇන්ඩර්සන්ගේ නම අප්‍රේල් මාසයේදී නම් කරනු ලැබුවේය.

ඇන්ඩර්සන් 2024 ජූලි මාසයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය නමුත් ලැන්කෂයර් සමාජය වෙනුවෙන් දිගටම ක්‍රීඩා කළේය.

World News

Send your contact Details Today