Latest News

චීනයේ Influencers සඳහා නව නීති

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් (Influencers) සඳහා නව නීති මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව වෛද්‍ය විද්‍යාව, නීතිය, අධ්‍යාපනය සහ මූල්‍ය වැනි සංවේදී විෂය ක්ෂේත්‍ර පිළිබඳ අන්තර්ගතයන් නිර්මාණය කරන පුද්ගලයන් අනිවාර්යයෙන්ම තම නිල සුදුසුකම් ඔප්පු කළ යුතු බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම නව රෙගුලාසිය ඔක්තෝබර් 25 වන දින සිට බලාත්මකවනු ඇති.

චීන සයිබර් අවකාශ පරිපාලනය (Cyberspace Administration of China – CAC) මෙම නීතිය ආරක්ෂා කරමින් පවසන්නේ, එහි ප්‍රධාන අරමුණ වන්නේ මාර්ගගතව (online) පළවන වැරදි තොරතුරු සහ හානිකර උපදෙස්වලින් මහජනතාව ආරක්ෂා කිරීම බවයි.

මෙම නීතිය යටතේ, අන්තර්ගත නිර්මාණකරුවන් අදාළ ක්ෂේත්‍රයේ උපාධියක්, වෘත්තීය බලපත්‍රයක් හෝ සහතිකයක් වැනි සුදුසුකම් පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළ යුතු වේ.

බොහෝ දෙනෙක් මෙම තීරණය පිළිගෙන ඇති අතර, “සැබෑ දැනුම ඇති පුද්ගලයන් සංවාදයට නායකත්වය දිය යුතු කාලය පැමිණ ඇත” යනුවෙනුයි ඔවුන් පවසන්නේ.

මෙමගින් වේදිකාවල පළවන තොරතුරුවල ගුණාත්මකභාවය ඉහළ යනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today