Latest News

බෙලරූස් දේශසීමාව ගැන ලිතුවෙනියාවෙන් විශේෂ තීරණයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලිතුවේනියාව බෙලරුස් සමඟ ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට සැලසුම් සකස් කර ඇති බව ලිතුවේනියානු අගමැතිනි ඉන්ගා රූගිනියෙනේ පැවසුවේය.

මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගන්නා බවට සැකකෙරෙන පාවෙන බැලූන් නිරන්තරයෙන් ලිතුවේනියාවට ඇතුළු වීම නිසා එරට අගනුවර ගුවන් තොටුපළේ ගුවන්ගමන් කටයුතුවලට බාධා ඇතිවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඒරට මාධ්‍ය වාර්තා කරන්නේ.

බැලූන් නිරීක්ෂණය කිරීම හේතුවෙන් පිට පිට දින තුනක් එනම් සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා විල්නියස් ගුවන් තොටුපළේ ගුවන් ගමනාගමනය අත්හිටුවීමට සිදුව තිබුණේය.

මෙම තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම්, හරවා යැවීම් සහ ප්‍රමාදයන් ඇති වූ අතර සිකුරාදා දින බෙලරුස් දේශසීමාවෙන් ඈතින් පිහිටි කවුනාස් ගුවන් තොටුපළට ද මෙම බාධාවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මීට පෙර ද මෙවැනිම බාධා කිරීම් වාර්තා වී තිබේ.

මෙම බැලූන් සිදුවීම් හේතුවෙන්, ලිතුවේනියාවේ බෙලරුස් සමඟ ඇති දේශසීමා හරස් මාර්ග දෙක වන මෙඩිනින්කායි සහ ශාල්චිනින්කායි යන ස්ථාන පැය කිහිපයක් සඳහා වසා දැමුවේය.

ඉරිදා රාත්‍රියේදී, රටේ දේශසීමාව පැය 24ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කළ බව එරට පුවත් වාර්තා කළේය.

මෙම බැලූන් පිළිබඳ වාර්තා වීමෙන් පසු ලිතුවේනියාවේ ජාතික ආරක්ෂක කොමිසම රැස් වී තීරනාත්මක තීන්දුවක් ගැනීමට පියවර ගෙන තිබේ.

අගමැතිනිය පැවසුවේ පනවා ඇති සීමා කිරීම් බදාදා දක්වා දීර්ඝ කරන බවයි.

ඇයගේ කැබිනට් මණ්ඩලය විසින් මෙම වසා දැමීම යළි දැනුම් දෙන තෙක් දීර්ඝ කිරීම සඳහා කෙටුම්පත් තීරණයක් දැනටමත් සකස් කර ඇති බව ඇය සඳහන් කළේය.

මෙම අවිනිශ්චිත කාලීන වසා දැමීම යටතේ, තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික තැපැල් සඳහා පමණක් නිදහස් කිරීම් ලබා දෙනු ඇති.

තවද, ලිතුවේනියානු සහ අනෙකුත් යුරෝපා සංගම් පුරවැසියන්ට ද බෙලරුස් වෙතින් රටට ඇතුළු වීමට තවදුරටත් අවසර හිමිවේ.

ලිතුවේනියා රාජ්‍යය රුසියාවට සම්බන්ධ බෙලරුස් මෙන්ම රුසියාවේ කලිනින්ග්‍රාඩ් ප්‍රදේශය සමඟ ද මායිම්වයි පිහිටා ඇත්තේ.

ලිතුවේනියාව යුරෝපා සංගමයේ සහ නේටෝවේ සාමාජිකයෙක් ද වේ.‍

World News

Send your contact Details Today