2028 වසරේ ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිස් පවසයි.
බීබීසී පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කමලා හැරිස් සඳහන් කර ඇත්තේ ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන බවයි.
2024 වසරේ පැවති ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් කමලා හැරිස් තරග කළ අතර රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරගවැදි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට තේරී පත්විය.
කෙසේ වුවද යම් දිනෙක කාන්තාවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමේ හැකියාව පවතින බවයි කමලා හැරිස් මෙම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කළේ.