Latest News

Microsoft Australia තම පාරිභෝගිකයන් නොමඟ යවයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මයික්‍රොසොෆ්ට් ඕස්ට්‍රේලියා සමාගමට එරෙහිව පාරිභෝගික නීතිය යටතේ නඩු පැවරීමට Australian Competition and Consumer Commission පියවර ගෙන තිබේ.

සමාගම විසින් ඕස්ට්‍රේලියානුවන් මිලියන 2.7 ක් නොමඟ යවා Copilot ඇතුළත් මිල අධික 365 subscription plan මිලදී ගැනීමට යොමු කල බව චෝදනා එල්ල වෙයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී යැවූ ඊමේල් සහ බ්ලොග් පණිවිඩ මගින් පාරිභෝගිකයින්ට අසත්‍ය තොරතුරු ලබා දී ඇති බවයි අනාවරණය වන්නේ.

පරිශීලකයින්ට අඩු මිලකට Copilot නොමැති subscription plan ලබාගැනීමේ විකල්ප ක්‍රමය සඳහන් කිරීමට සමාගම අපොහොසත් වී තිබෙන අතර ඒ හේතුවෙන් Personal plan වාර්ෂික මිල 45% කින් හා Family plan 29% කින් ඉහළ ගොස් තිබේ.

ACCC සභාපති ජිනා කැස්-ගොට්ලිබ් (Gina Cass-Gottlieb) පවසන්නේ මයික්‍රොසොෆ්ට් විසින් හිතාමතාම පාරිභෝගිකයන්ට classic plan සැඟවූ බවයි.

බොහෝ දෙනාට ඔවුන්ගේ පවතින සැලැස්ම අඩු මිලකට තබා ගැනීමට හැකියාව තිබුණත්, ඒ ගැන සමාගම විසින් දැනුම් දී නොමැති බව ඇය වැඩිදුරටත් කියා සිටියේය.

මේ හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින්ට Copilot ඇතුළත් සැලැස්ම අනිවාර්යෙන්ම ලබාගැනීමට සිදුවී තිබේ.

ACCC විසින් මයික්‍රොසොෆ්ට් ඕස්ට්‍රේලියා සමාගමට එරෙහිව දඬුවම්, වාරණ නියෝග සහ පාරිභෝගික සහන ඉල්ලා අධිකරණ නියෝග අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් මෙම නඩුව Microsoft 365 Personal සහ Family plan වලට පමණක් අදාල වන අතර, Business or Enterprise plans සඳහා අදාළ නොවන බවද සඳහන් වේ.

නීතිය උල්ලංඝනය වී තිබුණහොත් සමාගමට උපරිමව ඩොලර් මිලියන 50 ක දඩයක් නියම විය හැකි බවයි සඳහන් වන්නේ.

මෙම අසත්‍ය ප්‍රචාරණය හේතුවෙන් මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයන්ට ආර්ථික පීඩාවන් ඇතිවී තිබෙන බවද වාර්තා වේ.

මේ අතර මයික්‍රොසොෆ්ට් සමාගම තවමත් මෙම චෝදනා පිළිබඳව නිල ප්‍රතිචාරයක් ලබා දී නොමැති බවද සඳහන්.

World News

Send your contact Details Today