Latest News

කොලොම්බියානු ජනපතිට එරෙහිව අමෙරිකාවෙන් සම්බාධක

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොලොම්බියානු ජනපතිට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගෙන තිබේ.

අමෙරිකාව එම පියවර ගෙන තිබෙන්නේ, කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට අපොහොසත් වූ බවට චෝදනා කරමිනි.

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පෙට්‍රෝ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් නැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ තත්වය හමුවේ කොලොම්බියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට, පෙට්‍රෝගේ බිරිඳට සහ වැඩිමහල් පුතාට ද ඇමරිකාවේ පිහිටා තිබෙන ඔවුන්ගේ දේපළවලට ප්‍රවේශ වීමද තහනම් වනු ඇත.

World News

Send your contact Details Today