ග්ලූටන් අසහනය බඩවැල් ආශ්‍රිත ගැටළුවලට හේතුවක් නොවන බව ඔස්ට්‍රේලියානු පර්යේෂකයින් විසින් හෙළි කරගෙන තිබේ.
මෙල්බන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ FODMAPs ලෙස හඳුන්වන කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයක්, ග්ලූටන් අසහනයෙන් ඇති වන බඩවැල් රෝග ලක්ෂණ සඳහා හේතු වන බවයි.
ග්ලූටන්වලට අහිතකර ප්‍රතික්‍රියා දක්වන පිරිසෙන් සැලකිය යුතු කොටසක්, ළූණු, සුදුළූණු සහ තිරිඟු වැනි ආහාරවල දක්නට ලැබෙන FODMAPවලට ප්‍රතික්‍රියා කරන බවයි පර්යේෂණයෙන් පෙන්නුම් කර ඇත්තේ.
ප්‍රධාන පර්යේෂක සහකාර මහාචාර්ය ජෙස් බයිසිකියර්ස්කි පවසන්නේ බොහෝ දෙනෙකු නරක හේතුවක් ලෙස ග්ලූටන් සැලකුව ද සැබෑ ගැටලුව ඇත්තේ වෙනත් අහාරවල ඇති FODMAPs විය හැකි බවයි.
FODMAP ආහාර පාලනය කිරීම ග්ලූටන් රහිත ආහාරයකට වඩා පහසු බවයි ආමාශ ආන්ත්‍ර විද්‍යාඥ සහකාර මහාචාර්ය ජේසන් ටයි-ඩින් පෙන්වා දෙන්නේ.
බඩවැල් රෝග ලක්ෂණ ඇතිවීමට හේතුව නිවැරදිව හඳුනා ගැනීම සඳහා නිසි ලෙස පරීක්ෂා කිරීම ඉතා වැදගත් බව ද පර්යේෂකයින් පවසයි.
පළමු පියවර ලෙස සෙලියාක් ජාන හෝ සෙලියාක් ආශ්‍රිත ප්‍රතිදේහ පරීක්ෂා කළ හැකි ඉතා සරල රුධිර පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසයි ඔවුන් උපදෙස් දී ඇත්තේ.