Latest News

කැනඩාව ගැන ට්‍රම්ප්ගෙන් විශේෂ තීරණයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩාව සමග සියලු වෙළෙඳ සාකච්ඡා වහාම අවසන් කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

හිටපු අමෙරිකා ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන් තීරු බදු පිළිබඳ කළ විවේචනයක් ඇතුළත් දැන්වීමක් ප්‍රචාරය කිරීම ඊට හේතුවයි.

අමෙරිකා හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් 1987 දී ජාතික ගුවන්විදුලි දේශනයකදී විදේශ වෙළෙඳාම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් කැනඩාව අදාළ දැන්වීම සකස් කර තිබේ.

“යමෙකු විදේශ ආනයන සදහා තීරු බදු පනවමු යැයි පවසනවිට ඔවුන් ඇමෙරිකානු නිෂ්පාදන සහ රැකියා ආරක්ෂා කිරීමෙන් දේශප්‍රේමී දෙයක් කරන බව පෙනුනද එය ක්‍රියාත්මක වන්නේ කෙටි කාලයක් සඳහා පමණයි. නමුත් එවැනි වෙළද බාධක තුළින් සෑම ඇමෙරිකානුවෙකුටම සේවකයෙකුටම සහ පාරිභෝගිකයෙකුටම රිදෙනවා. ඉහළ තීරු බදු අනිවාර්යෙන්ම විදේශ රටවල පලිගැනීම්වලට සහ දරුණු වෙළද යුද්ධ අවුලුවාලීමට හේතු වනවා.
වෙළෙඳපොළ හැකිලී බිඳ වැටෙනවා.”

ව්‍යාපාර සහ කර්මාන්ත වසා දමන අතර මිලියන සංඛ්‍යාත ජනතාවකට රැකියා අහිමි වනවා යනුවෙනුයි රොනල්ඩ් රේගන් පවසා ඇත්තේ.

මෙය උපුටා දක්වමින් කැනඩාව සකස් කළ වෙළෙඳ දැන්වීමට විරෝධය පල කරමිනුයි අමෙරිකා ජනාධිපතිවරයා කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා අවසන් කිරීමට තීරණය කර ඇත්තේ.

World News

Send your contact Details Today