COVID-19 mRNA එන්නත පිළිකා රෝගීන්ට දිගු කලක් ජීවත්වීමට උපකාර කළ හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
ප්‍රතිකාර ආරම්භ කර දින 100ක් ඇතුළත COVID-19 mRNA එන්නත ලබා ගත් පෙනහළු හෝ සමේ පිළිකා ඇති රෝගීන් එසේ නොකළ අය මෙන් දෙගුණයක් ජීවත් වූ බවයි එක්සත් ජනපද පර්යේෂකයින් සොයා ගෙන ඇත්තේ.
ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ MD ඇන්ඩර්සන් පිළිකා මධ්‍යස්ථානයේ අධ්‍යයනයට අනුව පෙනහළු පිළිකා රෝගීන්ගේ මධ්‍යස්ථ ජීවිත කාලයේ අනුපාතය වසර තුනකින් වැඩි වී ඇති අතර සමේ පිළිකාවෙන් පෙළෙන්නන්ට මාස 40 ක් දක්වා අමතර ආයු කාලයක් මින් ලැබී තිබෙන බව සඳහන්.
COVID-19 mRNA එන්නත් බොහෝ පිළිකා ප්‍රතිකාරවලට සමාන ආකාරයකින් ක්‍රියා කරන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියට සටන් කිරීම සඳහා පිළිකා සෛල හඳුනා ගැනීමට උපකාරී වන බවයි ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සෙත් චීතම් පැවසුවේය.
පිළිකා සෛල බොහෝ විට ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් සැඟවීමට උත්සාහ කරන නමුත් mRNA එන්නත් ඉක්මනින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවදි කර පිළිකා සෛලවලට එරෙහිව සටන් කිරීමට උද්දීපනය කරන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අධ්‍යයනයෙන් හෙළි කරගෙන ඇත්තේ COVID mRNA එන්නත ලබාගත් පුද්ගලයින්ගේ රුධිරය ස්වභාවික ප්‍රතිවෛරස් අනතුරු ඇඟවීමක් වන ඉන්ටර්ෆෙරෝන්හි තියුණු වැඩිවීමක් දිනක් ඇතුළත පෙන්නුම් කර ඇති අතර ප්‍රතිශක්තිකරණ සෛල වඩාත් සුපරීක්ෂාකාරී තත්වයකට මාරු කර ඇති බවයි.
මෙම තහවුරු කිරීමේ අත්හදා බැලීම් සාර්ථක වුවහොත්, පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට COVID-19 mRNA එන්නත් කාර්යක්ෂම හා ප්‍රබල විකල්පයක් විය හැකි බවටයි විශේෂඥයන් විශ්වාස කරන්නේ.