Latest News

ජපානයේ සුප්‍රකට ෆුජි කන්දට මෙවර ශීත ඍතුවේ පළමු වතාවට සිදු වූ දේ

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ සුප්‍රකට ෆුජි කන්දට මෙවර ශීත ඍතුවේ පළමු වතාවට හිම තට්ටුවකින් වැසී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

1894 සිට මේ දක්වා සසඳන විට මෙවර හිම පතනය දින 21 කින් ප්‍රමාද වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ෆුජි කන්දේ හිම පතනය ප්‍රමාද වීම සිදුවී ඇත්තේ, ජපාන ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය වාර්තා කිරීමෙන් පසුව වීමද විශේෂත්වයක්.

ජපානයේ ෆුජි කන්ද මීටර් 3,776 (අඩි 12,388)ක උසකින් සමන්විතයි.

මේ වනවිට මෙම පළමු හිමපතනය දැකගැනීමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් ජපානයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today