Latest News

🏏 ICC Women’s World Cup 2025: ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ගැටෙන තරගය අදයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (24) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිවුවන ස්ථානය සඳහා වන සටන ඉන්දියාව, නවසීලන්තය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

නවතම නිල ලකුණු සටහන අනුව, මෙම කණ්ඩායම් තුනම මේ වන විට ලකුණු 4 බැගින් ලබා සිටීම නිසා, ඉතිරි තරගවල ප්‍රතිඵල සහ දළ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) තීරණාත්මක වනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන්නේ.

ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය මේ වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් ලෙස නම් වී අවසන් වී තිබේ.

World News

Send your contact Details Today