ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් ලෙබනනයේ බෙකා (Beqaa) ප්‍රදේශයේ සහ උතුරු ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා (Hezbollah) ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බවට ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරවලින් විනාශ කරන ලද ඉලක්ක අතර මිසයිල නිෂ්පාදනාගාරයක් සහ පුහුණු කඳවුරක් ද වන බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශ කළ බව සඳහන්.
එහිදී, ඊශ්‍රායලය සමඟ ඇති කරගත් ගිවිසුම් හිස්බුල්ලා කණ්ඩායම විසින් උල්ලංඝනය කර ඇති බවටයි IDF චෝදනා කර ඇත්තේ.